වසර පහකට පසු ශ්‍රී ලංකාව ලැබූ සුවිශේෂි ජයග්‍රහණය

වසර පහකට පසු ශ්‍රී ලංකාව ලැබූ සුවිශේෂි ජයග්‍රහණය

2024 වසරේ විසිලක්ෂ වැනි සංචාරකයා අද (26) පෙවරවරු 10.49ට බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළට පැමිණ තිබෙනවා.

ඒ, බැංකොක් සිට පැමිණි UL 403 ගුවන් යානයෙන්.

විසිලක්ෂ වැනි සංචාරකයා පිළිගැනීම සඳහා සංචාරක කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය රුවන් රණසිංහ සහ සංචාරක ප්‍රවර්ධන කාර්යංශයේ සභාපති බුද්ධික හේවාවසම් යන මහත්වරුන් එක්ව සිටින බව සඳහන්.

මෙම සංචාරකයා පිළිගැනීම සඳහා Silk Route Lounge හි විශේෂ උත්සවයක් ද සංවිධාන කර තිබුණා.

මෙය වාර්ෂික සංචාරක පැමිණීම ලක්ෂ 20 ඉක්මවන සිව්වන අවස්ථාව වන අතර මීට පෙර ලක්ෂ 20 ඉක්මවා තිබුණේ 2016‍, 2017, 2018 වසරවල දී පමණයි.

2018 වසරින් පසුව වසරක් තුළ වැඩිම සංචාරකයින් පැමිණීම 2024 වසරේදී වාර්තා වී ඇති බව සඳහන්.

දෙසැම්බර් මාසයේ පළමු දින 26 තුළ සංචාරකයන් 195127ක් පැමිණ ඇති අතර දෙසැම්බර් 31 මධ්‍යම රාත්‍රිය වන විට සංචාරකයන් 250000 ඉක්මවනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.

මීට පෙර එක් මසක් තුළ සංචාරකයන් 250000 ඉක්මවා තිබුණේ 2019 පෙබරවාරි මාසයේදීයි.

Share This