අයි.සී.සී ශූරයින්ගේ තරගාවලියේ ඉන්දු – පාකිස්ථාන එක්සත් අරාබියේදී
2025, අයි.සී.සී ශුරයින්ගේ තරගාවලියේ ඉන්දියාව සහභාගී වන සියලු තරග එක්සත් අරබියේ පැවැත්වීමට තීරණය කර තිබෙනවා.
ඒ, ඉන්දියාව විසින් පාකිස්ථානයේ සංචාරය කිරීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන්.
ඉන්දියාව සහභාගී වන තරග සියල්ල වෙනත් ස්ථානයක් පැවැත්වීමට පසුගියදා ජගත් ක්‍රිකට් කවුන්සිලය තීරණය කළා.
ඒ අනුව පාකිස්ථානු ක්‍රිකට් බලධාරින් සහ එක්සත් අරාබියේ අමාත්‍යවරුන් සමඟ පැවැති සාකච්ඡාවකදී අදාළ එකඟත්වය ගෙන ඇති බවයි, ක්‍රීඩා මාධ්‍ය වාර්තා සඳහන් කළේ.
ඒ අනුව පාකිස්ථානය සහ ඉන්දියාව අතර 23 වැනිදා පැවැත්වීමට නියමිත තරගය එක්සත් අරබියේදී පැවැත්වෙනු ඇති.
පෙබරිවාරි මස 20 වැනිදා බංගලාදේශය සහ ඉන්දියාව අතර තරගය පැවැත්වෙන බව සඳහන්.
ඔවුන් මාර්තු මස දෙවැනිදා නවසීලන්තයට එරෙහිව තරග කරන බව සඳහන්.