කෝටි හතරක කුෂ් තොගයක් ගුවන්තොටෙන් පන්නන්න හැදූ කොළඹ තරුණයෙක්
රුපියල් හාර කෝටි තිස්අට ලක්ෂ අසූ දහසක් පමණ වටිනා ” කුෂ් ” මත්ද්‍රව්‍ය තොගයක් ගුවන් තොටුපොළේ ” හරිත මාවත ” (Green Channel ) ඔස්සේ පිටතට ගෙන යමින් සිටි ගුවන් මගියෙකු ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් පිරිසක් අද (24) දින දහවල් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මොහු කොළඹ ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි ත්‍රිරෝද රථ රියදුරෙක්.
ඔහු අද දින දහවල් තායිලන්තයේ බැංකොක් නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 403 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.
ඔහු විසින් රැගෙන විත් තිබූ ගමන් මල්ල තුළ ” කුෂ් ” මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 04යි ග්‍රෑම් 388ක් පාර්සල් 05ක් ලෙස සකස් කර සගවා ගෙන පැමිණ සිටියදී ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මේ වනවිට එම පුද්ගලයා සහ ඔහු විසින් රැගෙන විත් තිබූ ” කුෂ් ” මත්ද්‍රව්‍ය තොගය වැඩිදුර විමර්ශන කටයුතු සදහා කටුනායක ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් වෙත භාර දීමට පියවර ගෙන තිබුණු බව සඳහන්.