දිස්ත්රික්ක තුනක වගා හානිය තක්සේරු කර අවසන්
පසුගිය දිනවල ඇති වර්ෂාව හේතුවෙන් පොළොන්නරුව, මුලතිව් සහ මන්නාරම දිස්ත්රික්කවල වගා හානිය තක්සේරු කර ඇති බව කෘෂිකාර්මි හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පවසනවා.
නිවේදනයක් නිකුත් කරමින් එම මණ්ඩාලය සඳහන් කළේ, අම්පාර, මඩකලපුව, අනුරාධපුරය, කුරුණෑගල, කිලිනොච්චි සහ යාපනය දිස්ත්රික්කවල වගා හානි පරීක්ෂා කිරීම ආරම්භ කර ඇති බවයි.
නොවැම්බර් මස 29 වැනිදා වනවිට ගංවතුරින් යට වූ වගා වපසරිය අක්කර 434,701ක් වනවා.
මේ වනවිට එය 100, 000 දක්වා අඩුවී ඇති බව සඳහන්.
මෙහිදී හානි වාර්තාකර ඇති සියලු ගොවි බිම් පරීක්ෂා කිරීමට ලක් කෙරෙනු ඇති.
එමගින් හානි වාර්තා කර ඇති ගොවි බිම් ප්රමාණය තවදුරටත් වෙනස් විය හැකි බවයි, කෘෂිකාර්මි හා ගොවිජන රක්ෂණ මණ්ඩලය සඳහන් කළේ.