විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජනරාල් තනතුර ජනවාරි සිට වෙනස් වෙයි

විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජනරාල් තනතුර ජනවාරි සිට වෙනස් වෙයි

ජනවාරි 01 සිට විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජනරාල් තනතුර සඳහා ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරියෙක් වන චාමින්ද හෙට්ටිආරච්චි මහතා පත් කිරීමට අමත්‍ය මණ්ඩල හිමිව තිබෙනවා.

රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනවාට මෙලෙස අනුමැතිය ලැබී ඇති බව සඳහන්.

චාමින්ද හෙට්ටිආරච්චි මහතා මේ වනවිට ත්‍රිකුණාමලය දිස්ත්‍රික් ලේකම්වරයා ලෙස කටයුතු කරනු ලබනවා.

විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ලෙස කටයුතු කරන ඒ. ජගත්  ඩී. ඩයස් මහතා 2024.12.31 වනදා සේවයෙන් විශ්‍රාම යාමට නියමිතයි.

Share This