බෙන් ස්ටොක්ස්ට මාස 3කට ක්‍රිකට් අහිමිවෙයි

බෙන් ස්ටොක්ස්ට මාස 3කට ක්‍රිකට් අහිමිවෙයි

එංගලන්ත ටෙස්ට් ක්‍රිකට් නායක බෙන් ස්ටොක්ස්ට මාස 3ක කාලයක් සියලුම අකාරයේ ක්‍රිකට් ක්‍රීඩාවලින් ඉවත්වීමට සිදුව තිබෙනවා.

ඒ පසුගියදා නවසීලන්තය සමග පැවති තුන්වැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේදි බෙන් ස්ටොක්ස් ආබාධයකට ලක්වීමත් සමඟයි.

විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙන්නේ, ලබන ජනවාරි මාසයේ බෙන් ස්ටොක්ස් සැත්කමකට ලක් කිරීමට නියමිත අතර, ඒ හේතුවෙන් මාස 3ක කාලයක් ඔහුට සියලුම ආකාරයේ ක්‍රිකට් ක්‍රීඩා කිරීම අහිමි වනු ඇති බවයි.

ස්ටොක්ස්ට ආබාධයක් හේතුවෙන් මේ වසරේ ක්‍රීඩා පිටියෙන් ඉවත්ව සිටීමට සිදු වූ දෙවැනි අවස්ථාව මෙය වනවා.

Share This