නිවසකට පැන ලක්ෂ 04ක රත්තරන් බඩු උස්සලා
නිවසක් බිඳ රුපියල් ලක්ෂ 04 ක් පමණ වටිනා ස්වර්ණාභරණ සොරාගෙන යාමේ සිද්ධියක් වාර්තා වනවා.
ලිහිණියාව ,කුමාරවත්තේ පදිංචි කාන්තාවක් විසින් පොලීසියට කරන ලද පැමිණිල්ලට අනුව මේ පිළිබඳව මීගහතැන්න පොලීසිය පරීක්ෂණ ආරම්භ කොට තිබෙනවා.
උත්සවයකට ගොස් පැමිණි තමා පැළඳ සිටි රන් ආභරණ ගලවා නිවසේ තැබූ බවත්, නිවස වසා යතුර බෑගයක බහා පිටත තබා ගිය බවත්, කිසිවෙකු යතුරෙන් දොර විවෘත කර නිවසට ඇතුළු වී එම රන් භාණ්ඩ සොරාගෙන ගොස් ඇති බවත් ඇය පොලීසියට කර තිබූ පැමිණිල්ලේ සඳහන්.
මීගහතැන්න පොලිස් ස්ථානාධිපති ප්රධාන පොලිස් පරීක්ෂක සේපාල දසනායක මහතාගේ මෙහෙයවීම යටතේ මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ පැවැත්වෙනවා.