එට්කා ගිවිසුම ගැන ගත්ත තීරණය ඇමති විජිත හෙළි කරයි
මෙරටට ආර්ථිකයට හානිදායක වන ගිවිසුම්වලට එකඟ නොවන බව විදේශ අමාත්‍ය විජිත හේරත් මහතා පවසනවා.
ප්රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍යවරයා ප්‍රකාශ කළේ, එය ජාතික ජනබලවේග ආණ්ඩුවේ මූලික ප්‍රතිපත්තිය බවයි.
කෙසේ වෙතත් ජනාධිපතිවරයාගේ ඉන්දීය සංචාරයේදී එට්කා ගිවිසුම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට කැමැත්ත ප්‍රකාශ කළ බව ද ඔහු අවධාරණය කර සිටියා.
ජනතා අප්‍රසාදයට ලක්ව ඇති ඇතැම් දේශපාලනඥයන් අසත්‍ය කරුණු සමාජගත කරමින් සිටින බව ද විජිත හේරත් මහතා පෙන්වා දෙනවා.