ක්ලීන් ශ්රී ලංකා බලකායට සාමාජිකයන් 18ක්
“ක්ලීන් ශ්රී ලංකා (Clean Sri Lanka)” වැඩසටහන ක්රියාත්මක කිරීමට ජනාධිපති කාර්ය සාධක බලකායක් ස්ථාපිත කර තිබෙනවා.
ඊට අදාළ ගැසට් නිවේදනය ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ අත්සනින් යුතුව ඊයේ (19) නිකුත් කළා.
ජනාධිපති ලේකම් එන් එස් කුමානායක, යුධ හමුදාපතිවරයා, නාවික හමුදාපතිවරයා,ගුවන් හමුදාපතිවරයා,වැඩබලන පොලිස්පතිවරයා , නාගරික සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා කාර්ය සාධක බලකායේ සාමාජිකයින් අතර වනවා.
සාමාජිකයින් 18 දෙනෙකුගෙන් සමන්විත මෙම කාර්ය සාධක බලකායට ආචාර්ය අනුරුද්ධ ගමගේ,ආචාර්ය ගාමිණි බටුවිටගේ මහතාද නම් කර ඇති බව සඳහන්.
සමාජයීය පාරසරික හා ආචාර ධර්මීය පිබිදීමක් මගින් සමාජය වඩා දියුණු මට්ටමකට ඔසවා තැබීම අරමුණු කර ගැනීමට සඳහා ක්ලීන් ශ්රි ලංකා වැඩසටහන සැලසුම් කිරීම,මෙහෙයවීම,ක්රියාත්මක කිරීම,ප්රගති සාමාලෝචනය සහ නියමිත කාල රාමුවක අවසන් කිරීම මෙම කාර්ය සාධක බලකායට පැවරී තිබෙනවා.