අමාත්‍ය උපාලි පන්නිලගේ මන්ත්‍රීධුරය බලරහිත කරන ලෙස ඉල්ලා පෙත්සමක්

අමාත්‍ය උපාලි පන්නිලගේ මන්ත්‍රීධුරය බලරහිත කරන ලෙස ඉල්ලා පෙත්සමක්

ග්‍රාමීය සංවර්ධන අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගේ මහතාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය බල රහිත කරන රිට් ආඥාවක් නිකුත් කරන ලෙසට පෙත්සමක් ගොනු කර තිබෙනවා.

අභිනව නිවහල් පෙරමුණේ සභාපති ඕෂල හේරත් මහතා විසින් අදාළ පෙත්සම අභියාචනාධිකරණය හමුවේ ඉදිරිපත් කර ඇති බවයි, බීබීසි සිංහල සේවය සඳහන් කළේ.

මෙම පෙත්සම වග උත්තර කරුවන් වශයෙන් අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගේ හා පාර්ලිමේන්තු මහලේකම්වරයා ඇතුළු පිරිසක් නම් කර ඇති බව සඳහන්.

රුහුණු විශ්ව විද්‍යාලයේ සමාජ විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයා වශයෙන් සේවය කරමින් සිටියදීය අමාත්‍යවරයා මැතිවරණයට තරග කර ඇති බවයි, පෙත්සම්කරු පෙන්වා දෙන්නේ.

එමෙන්ම උපාලි පන්නිලගේ මහතා තවදුරටත් විශ්ව විද්‍යාලයේ මහාචාර්යවරයකු වශයෙන් සේවය කරන බව පෙත්සමෙහි සඳහන්.

පාර්ලිමේන්තු මැතිවරණ පනත හා අනෙකුත් ව්‍යාවස්ථාපිත නීතියට අනුව පාර්ලිමේන්තු මැතිවරණය තරග කිරීමේදී සිය රාජකාරීවලින් ඉවත් විය යුතුයි.

කෙසේවෙතත් අමාත්‍යවරයා අදාළ ක්‍රියාපටිපාටය අනුගමන කර නොමැති බවයි, ඕෂල හේරත් මහතා වැඩිදුරටත් අවධාරණය කර ඇත්තේ.

Share This