පරිභෝජනයට නුසුදුසු සහල් ඇටයක්වත් වෙළඳපොළට එන්නේ නෑ

පරිභෝජනයට නුසුදුසු සහල් ඇටයක්වත් වෙළඳපොළට එන්නේ නෑ

වරායට එන සෑම සහල් කන්ටේනරයක්ම රේගුවේ දී ස්ථාන තුනකින් පරීක්ෂාවට ලක් කර ආනයනයකරුට නිදහස් කරන බව වෙළඳ වාණිජ ආහාර සුරක්ෂිතතා සහ සමූපාකාර අමාත්‍ය වසන්ත සමරසිංහ පවසනවා.

ඒ නිසාවෙන් පරිභෝජනයට නුසුදුසු සහල් ඇටයක්වත් වෙළඳපොළට නිකුත් නොකරන බව ඔහු සඳහන් කළා.

අද (18) පාර්ලිමේන්තුවේදි චාමර සම්පත් දසනායක මහතා ඉදිරිපත් කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු මේ බව පැවසුවා.

වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා කීවේ,

” රාජ්‍ය වානිජ නීතිගත සංස්ථාව ඉස්සර තිබුණ විදිහ නෙවෙයි. අපි ඒ්ක වෙනස් කරලා තිබෙන්නේ. මෙවර අපි රාජ්‍ය වාණිජ නීතිගත සංස්ථාවෙන් සහල් ගෙන්වීමට ටෙන්ඩර් 4ක් විවෘත කළා. මෙට්‍රික් ටොන් 5200 පළමු සහල් තොගය මේ 19 එනවා. දැනට සහල් මෙට්‍රික් ටොන් 12000ක් ඇවිත් තිබෙනවා. අපි හිතනවා මේ ආනයන ක්‍රියාවලිය තුළ රටට සහල් මෙට්‍රික් ටොන් පනස්දහසක් වත් ලැබේවි කියලා. ලංකාවේ මෝල හිමියන් සතුව පසුගිය මාසේ පස්වැනිදා වන විට සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ තුනක් තිබුණා. ඔවුන් ඒ්වා නිදහස් නොකර මිල වැඩි කරගන්න උත්සාහ කළා. අවසානයේ ජනාධිපතිතුමා සමග සාකච්ඡා කර ඇති කරගත් ඒකගතාවය අනුව ඔවුන් සහල් නිකුත් කරනවා. එයින් දිනකට සතොසට පමණක් සහල් මෙිට්‍රික් 300් ක් ව්‍යාපාරිකයන් නිදහස් කිරිමට ඒකගතාවය පළ කළා. දැනට එය ලැබෙනවා. කන්ටේනර් කීපයක් ආපසු යවා තිබෙනවා. රට තුළටත් කොපමණ ඇවිත් තිබෙනවා. පෞද්ගලික වෙළෙදුන්ට බද්ද බල බලා ඉන්න බැහැ. වරායට ආවට පස්සේ සහල් පරීක්ෂා කරනවා ස්ථාන තුනකින්. ඔ්නෑම කන්ටේනරයක් පැය හතරක් ඇතුළත නිදහස් කරන්නත් කන්ටේනර් 75ක් ගෙන්වා තිබුණාත ඒයින් තුනක ගුල්ලෝ හිටියා. අපි කිව්වා ඒ්වා ආපසු යවන්න කියලා. මෙට්‍රික් ටොන් 2000ක් අනුරාධපුරයේ ගබඩාවකට ගෙනිහිං සුද්ද කරද්දී තමයි අහුවුණේ. ඒ්වා සතත්ව ආහාරවලට යොමු කරන්න කියලා උපදෙස් දී තිබෙනවා. “

Share This