මන්ත්රී අර්චුනාට යාපනය රෝහලට එන්න පුළුවන් ලෙඩෙක් විදියට පමණයි
පාර්ලිමේන්තු මන්ත්රී රාමනාදන් අර්චුනා මහතාට ඉදිරියේදී රෝගියෙක් වශයෙන් හැර වෙනත් කිසිදු හේතුවක් මත යාපනය ශික්ෂණ රෝහලට ඇතුල් වීමට අවසර නොමැති බවට යාපනය ශික්ෂණ රෝහලේ රෝහල් අධ්යක්ෂක කාර්යාලය මඟින් දැනුම් දී තිබෙනවා.
මන්ත්රීවරයාට එරෙහිව යාපනය අධිකරණයේ ගොනු කර තිබූ නඩුවකට පෙනී සිටි මන්ත්රී රාමනාදන් අර්චුනාට රුපියල් ලක්ෂයක ශරීර ඇප ඊයේ (16) දින නියම වූ අතර නඩුව එළඹෙන වසරේ පෙබරවාරි 07 වැනිදාට කල් තැබීමෙන් පසුව යාපනය ශික්ෂණ රෝහල මගින් මේ බව දැනුම් දුන්නා.
එමෙන්ම යපනය අධිකරණය මගින් අර්චුනා මන්ත්රීවරයාට යාපනය ශික්ෂණ රෝහලට අවසරයකින් තොරව ඇතුල් වීමට නොහැකි බවටද ඇතුල් වන්නේනම් රෝහල් පාලනාධිකාරියෙන් අවසරයක් ලබාගත යුතු බවට ද නියෝග කොට තිබුණා.
එවන් පසුබිමක යාපනය ශික්ෂණ රෝහල විසින් මෙලෙස දැනුම් දී ඇත්තේ අර්චුනා මන්ත්රීවරයා යාපනය ශික්ෂණ රෝහල් පරිශ්රයට අනවසරයෙන් ඇතුල් වන්නේනම් ඔහුට පහරදීමක් හෝ හිරිහැරයක් නොකොට ඔහුව යාපනය පොලීසියට භාරදීමට රෝහල් ආරක්ෂක අංශ දැනුවත් කොට ඇති බවටයි.