උත්සව සමයේ කුකුළු මස් සහ බිත්තර අතිරික්තයක්
උත්සව සමයේ කුකුළු මස් සහ බිත්තර අතිරික්තයක් පවතින බව සත්ව නිෂ්පාදකයින්ගේ සංගමය පවසනවා.
එහි සභාපති අජිත් ගුණසේකර මහතා පවසන්නේ, සත්ව ආහාර සඳහා විශාල පිරිවැයක් දැරීමට ගොවීන්ට සිදුව ඇති බවයි.
මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දක්වමින් සභාපතිවරයා පැවසුවේ,
“නිෂ්පාදන වියදම ඉහළ යමින් පවතිනවා බිත්තරවල. සහල් නිවුඩු මිල දෙගුණයක් වෙලා තියෙනවා. ඊට සාපේක්ෂව බඩ ඉරිඟු මිලත් ඉහළ ගිහින් තියෙනවා. ඒ නිසා බිත්තර නිෂ්පාදන වියදම දැන් වෙනකොට බිත්තරයකට රුපියක් 34ක් වෙලා තියෙනවා. රටේ අවශ්‍යතාවයට බිත්තර නිෂ්පාදනය වෙමින් පවතිනවා. සියලුම තොග වෙළෙඳුන්ගෙන් ඉල්ලා සිටිනවා මේ අවස්ථාවේ ගොවිපොළ වලින් රුපියල් 34කට 35කට බිත්තරයක් මිල දී ගෙන පාරිභෝගිකයාට රුපියල් 40ත් 42ත් අතර මිලකට සිල්ලර වෙළෙඳසැල් හරහා ලබා දීමට කටයුතු සූදානම් කරන්න.
අද වනවිට සම සහිත ශීත කළ කුකුළු මස් අලෙවිවනවා 1000-10500ත් අතර. සම රහිත ශීත කළ නොකළ කුකුළුමස් මිල උච්ඡාවචනය වනවා. එය අපට වළක්වා ගත නොහැකී.
මේ උත්සව සමයේ කුකුළු මස් සහ බිත්තර වලින් ස්වයංපෝෂිතයි. හිඟයක් නෑ.”