ඖෂධ මිල අඩු කළ කිරීමට ඇති බාධාව

ඖෂධ මිල අඩු කළ කිරීමට ඇති බාධාව

ඖෂධ මිල අඩු කිරීමේ හැකියාවක් මේ වනවිට පවතින බව ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා පවසනවා.

ඔහු මේ බව ප්‍රකාශ කළේ, ඊයේ (14) කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්‌වෙමින්.

කෙසේ වෙත්ත ඖෂධ ගෙන්වන ආයතනයක් පවරා ඇති නඩුවක් හේතුවෙන් මිල අඩු කිරීමට නොහැකිවී ඇති බවයි, ආනන්ද විජේවික්‍රම මහතා අවධාරණය කළේ. එම තහනම් නියෝගය ඉවත් කරගැනීමෙන් අනතුරුව ඖධ්‍ය මිල අඩු කිරීම නිසිපරිදි නියාමනය කර ජනතාවට දරාගත හැකි මිලට ඖෂධ සැපයීමට කටයුතු කිරීමට නියමිතයි.

ජාතික ඖෂධ නියාමන අධිකාරී මුහුණදී සිටි අර්බුදකාරී තත්වයෙන් මිදී මේ වන විට යම්කිසි ස්ථාවර තත්වයකට පැමිණ තිබෙනවා.

එම අධිකාරිය ලෝක සෞඛ්‍ය සංවිධානය පිළිගත් ආයතනයක් බවට හැකි කඩිනමින්  පත්වීමට හැකියාව ඇති බවයි, වෛද්‍යවරයා කියාසිටියේ.

ඖෂධ ලියාපදිංචිය, තත්ව පරීක්‍ෂණය සහ ලිපි ගණදෙනු සඳහා ඊ සිස්ටම් එකක් හදුන්වාදීම වැනි ව්‍යාපෘති මේ වන විටත් ක්‍රියාත්මක කර ඇති බව සඳහන්.

පසුගිය වර්ෂය තුළ මෙවැනි ව්‍යාපෘති ඇතුළු වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කළ බව ද විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා ප්‍රකාශ කළා.

ජනතාවට සුරක්‍ෂිත, ප්‍රමිතියෙන් යුත් සාධාරණ මිලට ඖෂධ සැපයීම ජාතික ඖෂධ නියාමන අධිකාරියේ මූලික වගකීම සහ පරමාර්තය වනවා.

කෙසේ වෙතත් පසුගිය කාලයේදී ඖෂධ සම්බන්ධයෙන් විශ්වාසය පළුඳු වූ බවයි, හෙතෙම පෙන්වා දෙන්නේ.

ඖධෂ සම්බන්ධ ලියාපදිංචි සහතික සම්බන්ධයෙන් ඇතිවූ ගැටලුවලට ආරක්‍ෂිත ක්‍රමයක් මේ වන විට ක්‍රියාත්මක බවත් වර්ණ හයකින් යුත් නව සුරක්‍ෂිත ලියාපදිංචි සහතික හදුන්වාදී ඇති බවත් ආනන්ද විජේවික්‍රම මහතා වැඩිදුරටත් අවධාරණය කළා.

 

Share This