ඉන්දීය මහ කොමසාරිස්වරයා සහ ප්‍රවාහන අමාත්‍යවරයා අතර විශේෂ හමුවක්

ඉන්දීය මහ කොමසාරිස්වරයා සහ ප්‍රවාහන අමාත්‍යවරයා අතර විශේෂ හමුවක්

ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා සහ ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා අතර විශේෂ හමුවක් සිදුව තිබෙනවා.

ඒ, බත්තරමුල්ල, මඟනැගුම පරිශ්‍රයේ පිහිටි අමාත්‍ය කාර්යාලයේ දී යි.

එහිදී අමාත්‍යවරයා සහ මහ කොමසාරිස්වරයා අතර කෙටි සාකච්ඡාවක් සිදුව ඇති අතර, මෙරට වර්තමාන ආර්ථික තත්ත්වය පිළිබඳව සන්තෝෂ් ජා විශේෂ අවධානයකින් කතාබහ කළ බව සඳහන්.

එමෙන්ම ඔහු එහිදී ප්‍රකාශ කර ඇත්තේ අසල්වැසියෙකු වන ශ්‍රී ලංකාව සමඟ ශක්තිමත්, දිගුකාලීන සම්බන්ධතාවය රැකගැනීම සඳහා අවශ්‍ය වන ඉන්දීය රජයේ සහයෝගය නොඅඩුව ලබාදෙන බවයි.

Share This