දූෂණ සහ වංචා වැළැක්වීම සඳහා රජයේ වැඩපිළිවෙළට කැනඩාවේ සහාය
දූෂණය සහ වංචාව වැළැක්වීම සඳහා වත්මන් රජය ගෙන යන වැඩපිළිවෙළට කැනඩා රජයේ සහාය ලබාදීමට කටයුතු කරන බව ශ්රී ලංකාව සහ මාලදිවයින සඳහා වන කැනඩාවේ මහ කොමසාරිස් එරික් වොල්ෂ් (Eric Walsh) මහතා පවසනවා.
ඔහු මේ බව සඳහන් කර සිටියේ, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා සමඟ ජනාධිපති කාර්යාලයේ අද (12) පැවති සාකච්ඡාවකදීයි.
මෙම සාකච්ඡාවේ දී, දූෂණය හා වංචාව වැළැක්වීම සඳහා කැනඩා රජයේ අත්දැකීම් ශ්රී ලංකා රජය සමග බෙදා ගැනීමට ද අවධානය යොමුව තිබෙනවා.
එමෙන්ම, ශ්රී ලංකාවේ ආර්ථික පසුබෑමට හේතුව පැවති දේශපාලන සංස්කෘතිය බවත් එරික් වොල්ෂ් මහතා පෙන්වා දී ඇති අතර වත්මන් රජය එම දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීමට ගන්නා උත්සාහය ඇගැයීමට ද ලක්කර තිබුණා.
ශ්රී ලංකා කැනඩා මහකොමසාරිස් කාර්යාලයේ දෙවන ලේකම් (දේශපාලන) පැට්රික් පිකරිං (Patrick Pickering) මහතා ද මෙම අවස්ථාවට එක්ව තිබුණා.