විශේෂ කාර්ය බලකායට එරෙහි නඩුව අධිකරණය නිෂ්ප්‍රභ කරයි
විශේෂ කාර්ය බලකා භාරයේ සිටි මහේෂ් ඉන්දික නොහොත් ඇඹිලිපිටියේ පොඩි ඉන්දික නැමැති සැකකරුට වෙඩි තබා ඝාතනය කළ බවට එල්ල වූ චෝදනා අධිකරණය විසින් නිෂ්ප්‍රභ කර තිබෙනවා.
ඒ, ඊට අදාළ නඩුව බළපිටිය ගරු මහේස්ත්‍රාත් අධිකරණයේදී ඊයේ (10) කැඳවූ අවස්ථාවේදීයි.
2022 වසරේ ඔක්තෝබර් මස 12 වැනිදා සංවිධානාත්මක අපරාධ කණ්ඩායමක් විසින් බලපිටිය RIU හෝටලය ආසන්නයේදී ත්‍රීරෝද රථ රියැදුරෙකුට වෙඩි තබා ඝාතනය කර තිබුණා.
ඒ සම්බන්ධයෙන් එවකට පොලිස්පතිගේ නියෝග අනුව පොලිස් විශේෂ කාර්ය බලකායේ පොලිස් පරීක්ෂක කොළඹගේ ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් විමර්ශනයක් ආරම්භ කළ බව සඳහන්.
එහිදී අනාවරණ වූයේ, මෙම අපරාධය මෙහෙය වන ලද ප්‍රධාන සැකකරු දික්වැල්ල පොලිස් වසමේ සැඟව සිටින බවයි.
ඔහු අත්අඩංගුවට ගෙන සිදු කළ ප්‍රශ්න කිරීමේදී වෙඩි තැබීම සඳහා යොදාගත් කාර් රථයට ව්‍යාජ අංක තහඩු සවිකරන ලද සැකකරු, අපරාධය සිදු කළ වෙිඩික්කරු සහ වෙඩි තැබීමට යොදාගත් ගිනි අවියද සොයා ගනු ලැබුවා.
දැනට බෙලරුස් රාජ්‍යයේ අත්අඩංගුවේ පසුවන කරන්දෙණියේ සුද්දා සහ ලොකු පැටී නැමති සංවිධානාත්මක අපරාධකරුවන්ගේ ආධාර අනුබල මත අදාළ ඝාතනය සිදු කර ඇති බවටයි අනාවරණ වූයේ.
එය මෙරට සිට මෙහෙයවා ඇත්තේ, මහේෂ් ඉන්දික නොහොත් ඇඹිලිපිටියේ පොඩි ඉන්දික නමැති පුද්ගලයා විසින්.
ඔහු අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව වැඩිදුර විමර්ශන කටයුත්තක් සඳහා අහුන්ගල්ල ප්‍රදේශයට රැගෙන ගොස් තිබෙනවා.
එහිදී සැකකරු විසින් විශේෂ කාර්ය බලකා නිලධාරීන්ට සිදු කරන ලද වෙඩි තැබීමකදී, ඊට විශේෂ කාර්ය බළකායේ පොලිස් පරීක්ෂක කොළඹගේ නිලධාරියා විසින් ප්‍රතිප්‍රහාර එල්ල කිරීමේදී සැකකරු බරපතල තුවාල ලබා රෝහල් ගත කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත් වුණා.
සැකකරු වෙඩි හුවමාරුවකදී මිය යාමේ සිද්ධියට අදාළව බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණයේ දීර්ඝ නඩු විභාගයක් සිදු කළ බව සඳහන්.
ඒ අනුව පසුගිය ජූලි මස 21 වැනිදා විශේෂ කාර්ය බළකායේ වෙඩි තැබීම සිදු කළ පොලිස් පරීක්ෂක කොළඹගේ නිලධාරියා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට නියෝග කෙරුණා.
ඒ අනුව පොලිස් ස්ථානය වෙත විශේෂ කාර්ය බළකා නිලධාරින් කැඳවා වැඩිදුර ප්‍රකාශ සටහන් කර විමර්ශන ගොනුවක් සහ ඉහත නඩුවට අදාළ සියලු කාර්යය සටහන් සහිත නඩුවේ ලිපි පිටපත් සහිත ගොනුවක් නීතිපතිතුමාගේ උපදෙස් සඳහා යොමු කළ බව සඳහන්.
නීතිපතිවරයා ඊට අදාළව ලිපියක් යොමු කරමින් මෙම නඩු කෘත්‍යට අදාළව කිසිදු පුද්ගලයෙකුට එරෙහිව අපරාධ චෝදනාවක් ගොනු කිරීම සඳහා ප්‍රමාණවත් කරුණු / සාක්ෂි අනාවරණය වී නොමැති බැවින් වැඩිදුර නෛතික පියවර ගැනීමට අපේක්ෂා නොකරන බවටයි දන්වා සිටියේ.
ඒ අනුව මෙම නඩුව 2024.11.05 වන දින බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණයේ කැඳවූ අවස්ථාවේ නීතිපතිවරයාගේ ලිපිය ඉදිරිපත් කරනු ලැබුවා.
මහේස්ත්‍රාත්වරයා විසින් මේ සම්බන්ධව අවසන් නියෝගයක් ලබා දීම සඳහා නඩුව නැවත 2024.12.10 වන දිනට කැඳවීමට නියම කළා.
ඒ අනුව අදාළ නඩුව ඊයේ (10) දින බළපිටිය ගරු මහේස්ත්‍රාත් අධිකරණයේදී නැවත කැඳවන ලද අතර එහිදී බලපිටිය ගරු මහේස්ත්‍රාත්වරයා විසින් මෙම නඩුව නිෂ්ප්‍රභ කිරීමටයි කටයුතු කළේ.
එසේම මෙම සිද්ධියේ ප්‍රධාන සැකකරුගේ අනියම් බිරිඳ විසින් 2022.11.02 වන දින බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත්ව විශේෂ කාර්ය බලකායේ අණදෙන නිලධාරි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර මහතා අදාළ සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා සිවිල් ඇඳුමින් සැරසී වෑන් රථයකින් පැමිණි බවටද බොරු සාක්ෂි ලබා දී ඇති බවට අනාවරණ වුණා.
ඒ අනුව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර මහතා 2023.06.13 වන දින බලපිටිය ගරු මහේස්ත්රාත්තුමා දැනුවත් කීරීමට කටයුතු කළා.
ඊට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින්ද විමර්ශනයක් සිදු කළ බව සඳහන්.
නීතිපතිවරයාගේ උපදෙස් අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් බොරු සාක්ෂි ලබාදීම යන චෝදනා මත අදාළ කාන්තාව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා.
මීට අදාළ නඩුව නැවත 2025.03.25 දින කැඳවීමට නියමිතයි.