“Miss Aura International 2026” තරගයෙන් ශ්‍රී ලංකාවට අභිමානයක් ගෙනා කරාපිටියේ පුංචි දොස්තර නෝනා

තුර්කියේ පැවැති “Miss Aura International 2026” ලෝක රූ රැජින තරගාවලියෙන් ශ්‍රී ලංකාවට අභිමානයක් ගෙනා සුන්දර ජයග්‍රහණයක් අද උදේ කටුනායක ගුවන් තොටුපොළේදී උණුසුම් පිළිගැනීමක් එක්ක සමරනු ලැබුවා.

ශ්‍රී ලංකාව නියෝජනය කළ වෛද්‍ය දෙවීනා නවීක්ෂි මෙනවිය, “Best in National Costume” කිරුළ දිනාගෙන අද උදෑසන දිවයිනට පැමිණියාය.

මෙවර “Miss Aura International 2026” තරගාවලිය පැවැත්වුණේ තුර්කියේ අන්තාලියා නුවරදී. ලෝකයේ රටවල් 40කින් පැමිණි රූ රැජිනියන් මේ තරගයට සහභාගී වෙලා තිබුණා.

මැයි 10 වෙනිදා ආරම්භ වුණු මේ තරගාවලිය මැයි 22 වෙනිදා දක්වා ඉතා උත්කර්ෂවත් අන්දමින් පැවැත්වුණා කියලායි වාර්තා වෙන්නේ.

ඒ අතරේ ශ්‍රී ලංකාව වෙනුවෙන් තරග කළ දෙවීනා නවීක්ෂි මෙනවිය මුලින්ම අවසන් 20 දෙනා අතරටත් තේරී පත්වුණා.

ඊට පස්සේ, ශ්‍රී ලාංකීය සංස්කෘතිය සහ අනන්‍යතාව ලෝකයටම පෙන්වමින් ඇය ඉදිරිපත් කළ ජාතික ඇඳුම වෙනුවෙන් “Best in National Costume” කිරුළ දිනාගන්න ඇය සමත් වුණා.

විශේෂම දේ කියන්නේ, ඇය වෘත්තියෙන් වෛද්‍යවරියක් වීමයි. මේ වෙද්දී ඇය සේවය කරන්නේ ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ.

අද උදෑසන 8.25ට එමිරේට්ස් ගුවන් සේවයට අයත් EK-650 ගුවන් යානයෙන් ඇය කටුනායක ගුවන් තොටුපොළට ළඟා වෙද්දී, ඇයව පිළිගන්න දෙමාපියන්, නෑදෑ හිතවතුන් සහ ආදරණීය පිරිසක් ගුවන් තොටුපොළට පැමිණ සිටියා.

මව්බිමට ජාත්‍යන්තර කීර්තියක් ගෙනා මේ ජයග්‍රහණය ගැන දැන් සමාජ මාධ්‍ය පුරාමත් විශාල කතාබහක් ඇතිවෙලා තියෙනවා

Share This