ජනාධිපති ලේකම්වරයා වෙනස් වෙයිද?
ශ්‍රී ලංකාවේ රාජ්‍යතාන්ත්‍රික සහ ජනාධිපති කාර්යාලයේ ප්‍රධාන වෙනස්කම් කිහිපයක් ඉදිරියේදී සිදුවීමට ඉඩ තියෙනවා.
දැනට ඇමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපති ලෙස කටයුතු කරන මහින්ද සමරසිංහ, සිය සේවා කාලය අවසන් කර ලබන ජූලි මාසයේදී නැවත ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බවයි සඳහන් වෙන්නේ.
ඒත් සමඟම, ඔහුගේ තනතුරට වත්මන් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක පත් කිරීමට වැඩි ඉඩක් ඇති බවත්, ජනාධිපති ලේකම් ධුරයට වත්මන් ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ප්‍රභාත් චන්ද්‍රකීර්ති පත් කිරීම ගැනත් අභ්‍යන්තරව සාකච්ඡා වෙමින් පවතින බවයි වාර්තා වෙන්නේ.
කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් විදේශ අමාත්‍යාංශය හෝ ජනාධිපති කාර්යාලය මෙතෙක් නිල තහවුරු කිරීමක් කර නැහැ.
වාර්තාවලට අනුව, ජවිපෙ පැලවත්ත මූලස්ථානයේ මෑතකදී ඇති වූ අභ්‍යන්තර ගැටලු සහ වෙනස්කම් හේතුවෙන් ජනාධිපති ලේකම් ධුරය සඳහා වෙනසක් අවශ්‍ය බව පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් අතර අදහස් මතුව තිබෙනවා.
ආචාර්ය නන්දික කුමානායක සංවර්ධන ආර්ථික විද්‍යාව පිළිබඳ ආචාර්ය උපාධියක් හිමි නිලධාරියෙක් වන අතර, 1997දී ශ්‍රී ලංකා රේගුවේ සහකාර අධිකාරීවරයෙකු ලෙස රාජ්‍ය සේවයට එක්ව තිබෙනවා. ඔහු ජනාධිපති අනුර කුමාර දිසානායකගේ සමීපතමයෙකු ලෙසත් සැලකෙනවා.
මේ අතර, වත්මන් ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ප්‍රභාත් චන්ද්‍රකීර්ති, ජනාධිපති ලේකම් තනතුර සඳහා යෝජනා වී ඇති බවත් සඳහන්.
මෙම පත්වීම් සිදු වුණොත්, ජූලි මාසයෙන් පසු ආචාර්ය නන්දික කුමානායක ඇමෙරිකාවේ ශ්‍රී ලංකා නව තානාපතිවරයා ලෙස වැඩ බාරගැනීමට නියමිතයි.
එමෙන්ම, මහින්ද සමරසිංහ මෙරටට පැමිණි පසු ජාතික ජන බලවේග රජයේ ප්‍රධාන උපදේශකයකු ලෙස කටයුතු කිරීමටත් ඉඩ ඇති බවයි වාර්තා වෙන්නේ.
