Al-Nassr ලීග් ශූරතාව රොනල්ඩෝ පිලට

Al-Nassr 2025-26 සවුදි ප්රෝ ලීග් ශූරතාව නිල වශයෙන් ජයගෙන තිබෙනවා.
අවසන් තරඟ දිනයේදී Damac FC කණ්ඩායමට එරෙහිව 4-1ක ජයක් ලබාගනිමින් රියාද්හි King Saud University Stadium ක්රීඩාංගණයේදී ඔවුන් ශූරතාව තහවුරු කළා.
මෙම ජයත් සමඟ අල් නසර් කණ්ඩායම ලකුණු 86ක් ලබා ලීග් වගුවේ පළමු ස්ථානයට පත්වූ අතර, ප්රධාන ප්රතිවාදී Al Hilal කණ්ඩායමට වඩා ලකුණු 2කින් ඉදිරියෙන් සිටියා.
මෙය Cristiano Ronaldo අල් නසර් සමඟ එක්වීමෙන් පසු දිනාගත් පළමු ප්රධාන ශූරතාව ලෙසද සැලකෙනවා. 2023 ජනවාරි මාසයේදී කණ්ඩායමට එක්වූ රොනාල්ඩෝ අවසන් තරඟයේදී ගෝල දෙකක් ලබාදී විශිෂ්ට දායකත්වයක් ලබාදුන්නා.
එමෙන්ම Sadio Mané සහ Kingsley Coman ද ගෝල ලබාගත් අතර, අල් නසර් ඉතිහාසයේ 11 වැනි ලීග් ශූරතාව මෙලෙස ඔවුන් සතු කරගත්තා.
