තේ කර්මාන්තය ඩිජිටල්කරණය කරයි

ලෝක තේ දිනේට සමගාමීව නවීන ඩිජිටල් තේ මධ්‍යස්ථානයක් විවෘත කරලා තියෙනවා. මේ මධ්‍යස්ථානය නාවලපිටියේ තියෙන කුඩා තේ වතු සංවර්ධන අධිකාරියට අයත් රේන්සිරි වික්‍රමනායක අන්තර්ජාතික පුහුණු මධ්‍යස්ථානයේ තමයි විවෘත කරලා තියෙන්නේ.

තේ කර්මාන්තය නවීන ඩිජිටල් තාක්ෂණයත් එක්ක සම්බන්ධ කරන්නයි මේ වැඩේ කරලා තියෙන්නේ. මේකට වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය, කුඩා තේ වතු සංවර්ධන අධිකාරිය, Solidaridad Asia, Regenagri CIC සහ Nucleus පදනම එකතු වෙලා සහය දීලා තියෙනවා.

මෙම උත්සවයට නෙදර්ලන්තයේ වැඩබලන තානාපති ඉවන් රට්ජන්ස් ඇතුළු වැදගත් නිලධාරීන් සහ ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් රැසක් සහභාගී වෙලා තිබුණා.

මේ ඩිජිටල් මධ්‍යස්ථානය හරහා තේ කර්මාන්තයට අදාල ගැටලු වලට විසඳුම් හොයාගන්න, කාලගුණය, පස, ශාක රෝග වගේ දේවල් ගැන දැනුම ලබාගන්න වගේම දැනුම හුවමාරු කරගන්නත් හැකියාව ලැබෙනවා.

කුඩා තේ වතු සංවර්ධන අධිකාරියේ සභාපති නිලන්ත එඩ්ගාඩ් මහතා කියලා තිබුණේ, මේ වැඩේ සාර්ථක කරගන්න Nucleus පදනම, Regenagri CIC සහ Solidaridad Asia ආයතන ලබාදුන් සහයෝගය ඉතා වැදගත් වුණා කියලායි.

එමෙන්ම කුඩා තේ වතු හිමියන් ඩිජිටල් තාක්ෂණයට සමීප කරවීම සඳහා මේ ආයතන කරපු සේවය විශේෂයෙන් අගය කරන බවත් ඔහු සඳහන් කළා.

Share This