ඇමති නලින්ද ජයතිස්ස බංගලිදේශය හා භූතානය සමඟ සෞඛ්‍ය සහයෝගීතා සාකච්ඡා වලට එක්වෙයි

නලින්ද ජයතිස්ස මහතා, ලෝක සෞඛ්‍ය සමුළුවට එක්වෙමින් බංග්ලාදේශය සහ භූතානයේ සෞඛ්‍ය අමාත්‍යවරුන් සමඟ විශේෂ ද්විපාර්ශ්වික සාකච්ඡා පවත්වා තිබෙනවා.

ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවර පැවති මෙම හමුවේදී ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවට අවශ්‍ය නව තාක්ෂණය, දැනුම, ඖෂධ, වෛද්‍ය උපකරණ සහ තාක්ෂණික සහාය ගැන වැඩි අවධානයක් යොමු කර තිබෙනවා.

විශේෂයෙන්ම අත්‍යවශ්‍ය ඖෂධ සහ වෛද්‍ය උපකරණ ලබාදීමේදී බංග්ලාදේශය ලබාදෙන සහය ගැනත් අමාත්‍යවරයා මෙහිදී ඇගයීමට ලක් කර තිබුණා.

එසේම, කලාපයේ රටවල් ක්‍රියාත්මක කරන ප්‍රාථමික සහ විශේෂඥ සෞඛ්‍ය සේවා ක්‍රමවේද පිළිබඳවත් දීර්ඝව සාකච්ඡා කර ඇති බව සඳහන්.

Share This