මඩකලපුව මහජන පුස්තකාලය ජනාධිපතිවරයා විසින් විවෘත කරයි.
ජනපති අනුර කුමාර දිසානායක අද මඩකලපුවේ සංචාරයක නිරත වෙමින් අලුතින් ඉදිකළ මඩකලපුව මහජන පුස්තකාලය ජනතා භාවිතයට විවෘත කළා.
මඩකලපුව මහ නගර සභාවේ ප්‍රධාන අමාත්‍ය සිවම්පක්යනාදන් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති උත්සවයට ජනාධිපතිවරයා ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වුණා.
මෙම නව පුස්තකාලය මධ්‍යම රජයේ සහ පළාත් සභා ප්‍රතිපාදන යටතේ ඉදිකර ඇති තෙමහල් නවීන ගොඩනැගිල්ලක් බවයි සඳහන් වෙන්නේ. එය මඩකලපුව මහ නගර සභාව යටතේ පවත්වාගෙන යනු ලබනවා.
උත්සවයට නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ජයන්තලාල් රත්නසේකර අමාත්‍යවරුන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක්ද එක්ව සිටියා.
අවසානයේ ජනාධිපතිවරයා පුස්තකාල පරිශ්‍රයේ පැළයක්ද රෝ
පණය කළ අතර, ප්‍රධාන අමාත්‍යවරයා විසින් ජනාධිපතිවරයාට සමරු තිළිණයක්ද පිළිගන්වනු ලැබුවා.
