ලේඛක ලේඛිකාවන්ගේ ගැටලුවලට විසඳුම් සෙවීමේ හමුවක්

බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යතුමා සහ ලේඛක ලේඛිකාවන් අතර විශේෂ හමුවක් පසුගියදා අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පැවැත්වුණා.

මෙරට සාහිත්‍ය ක්ෂේත්‍රය ඉදිරියට ගෙනියන්නත්, නිර්මාණකරුවන් මුහුණ දෙන ගැටලුවලට විසඳුම් හොයන්නත් අරමුණු කරගෙනයි මේ හමුව සංවිධානය කරලා තිබුණේ.

බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මේ සාකච්ඡාවට සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි භාෂාවෙන් සාහිත්‍යකරණයේ නිරත ප්‍රවීණ සහ තරුණ ලේඛක ලේඛිකාවෝ රැසක් එක්ව සිටියා.

එහිදී ලේඛක ලේඛිකාවන් මුහුණ දෙන ගැටලු ගැන අමාත්‍යතුමා දීර්ඝව කරුණු විමසා බැලුවා. ඒ වගේම ඉදිරියේදී කලාකරුවන් සහ ලේඛකයන්ගේ සුබසාධනය වෙනුවෙන් වගේම කලාව දියුණු කිරීම සඳහා අමාත්‍යාංශය ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙන විශේෂ සැලසුම් කිහිපයක් ගැනත් ඔහු අදහස් පළ කළා.

මේ අවස්ථාවට ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ සභාපති ආචාර්ය රත්න ශ්‍රී විජේසිංහ මහතා, ශ්‍රී ලංකා කලා මණ්ඩලයේ සභාපති කීර්ති වැලිසරගේ මහතා, සාහිත්‍ය අනුමණ්ඩලයේ සභාපති කමල් පෙරේරා මහතා ඇතුළු නිලධාරීන් සහ සාහිත්‍යවේදීන් පිරිසක්ද සහභාගී වී තිබුණා.

Share This