නයිජීරියා-ඇමරිකානු ඒකාබද්ධ ප්‍රහාරවලින් IS ත්‍රස්තවාදීන් 175ක් මරුට
නයිජීරියානු සහ අමෙරිකානු ආරක්ෂක අංශ එකතුවෙලා එල්ල කරපු ගුවන් ප්‍රහාර මාලාවකින් IS සංවිධානයේ දෙවැනි ඉහළම නායකයා ඇතුළු ත්‍රස්තවාදීන් 175 දෙනෙක් මියගිහින් තියෙනවා.
මේ ගැන නයිජීරියාව සහ අමෙරිකාව දෙකම නිල ප්‍රකාශ නිකුත් කරලා තියෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
ලෝකයේ “වඩාත්ම සක්‍රීය ත්‍රස්තවාදියා” කියලා හඳුන්වපු IS සංවිධානයේ ගෝලීය මෙහෙයුම් ප්‍රධානියා වන අබු-බිලාල් අල්-මිනුකි, ඊසානදිග නයිජීරියාවේ දුරස්ථ ගම්මානයකදී මේ ප්‍රහාර අතරතුර මියගිහින් තිබෙනවා.
2009 ඉඳන් මේ කලාපයේ බොකෝ හරාම් සහ එයි
න් බිඳීගිය IS බටහිර අප්‍රිකානු ශාඛාව විසින් දරුණු සන්නද්ධ කැරලි ක්‍රියාත්මක කරමින් ඉන්න බවත් වාර්තා වෙනවා.
