ගින්නකින් වාද්දුවේ නිවසක්, දැවී අළුවෙයි

ගින්නකින් වාද්දුවේ නිවසක්, දැවී අළුවෙයි

වාද්දුව පොතුපිටියේ නිවසක් ගිනිගෙන මුළුමනින්ම අළුවී තිබෙනවා.

මෙලෙස ගිනිගෙන අළුවී ඇත්තේ වාද්දුව – පොතුපිටිය කරදගහ පාරේ ටී.අනුලාවතී නමැත්තියගේ නිවස බවයි වාද්දුව පොලීසිය සඳහන් කළේ.

ගින්න යාබද නිවසකටද පැතිර යමින් තිබූ අතර, ප්‍රදේශයේ තරුණ පිරිසක් එක්ව එය පාලනය කර තිබෙනවා.

කෙසේ වෙතත් ගින්න ඇතිවූ නිවස සහ එහි දේපල සියල්ල දැවී අළුවී ගොස් ඇති බව සඳහන්.

කළුතර නගර සභාවේ ගිනි නිවන රථයක් පැමිණි අතර, ඒ වනවිටත් ප්‍රදේශයේ තරුණ පිරිස ගින්න පාලනය කිරීමට සමත්ව තිබෙනවා.

Share This