පුද්ගලයෙකුට කඩුවකින් කෙටූ දෙදෙනෙකු අල්ලයි

බණ්ඩාරගම රයිගම ප්‍රදේශයේදී පුද්ගලයකුට කඩු පහරක් එල්ල කර බරපතල තුවාල සිදු කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව බණ්ඩාරගම පොලිසිය සඳහන් කරයි.

සිද්ධියට සම්බන්ධව භාවිතා කළ කඩු දෙකෙන් එකක් සැකකරුවකුගේ නිවසේ සඟවා තිබියදී පොලිස් බාරයට ගෙන ඇති අතර, අනෙක් කඩුව පහර අතරතුර තුවාල ලැබූ පුද්ගලයාගේ අතට ඇලී තිබූ බව අනාවරණය වී තිබේ. එය ඉවත් කිරීමට නොහැකි වූ නිසා, සැකකරුවන් එම කඩුවත් සමඟ තවත් කඩුවක් ද සිද්ධි ස්ථානයේ දමා පලා ගොස් ඇති බව පොලිසිය කියයි.

පහරදීමේදී තුවාල ලැබූ පුද්ගලයා මිල්ලනිය පොලිස් වසමේ මල්වත්ත ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 29ක් වන පෙදරේරුවෙකු වන අතර, ඔහු හොරණ මූලික රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටී.

මෙම සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන බණ්ඩාරගම පොලිසිය විසින් සිදුකරමින් පවතී.

Share This