අංක තහඩු වෙනස් කරන රියදුරන්ට දැඩි නීති ක්‍රියාමාර්ග
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව නිකුත් කරන ප්‍රමිතිගත අංක තහඩු වෙනස් කරමින් වාහන ධාවනය කරන බවට තොරතුරු ලැබී ඇති බැවින්, එවැනි රියදුරන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කිරීමට උපදෙස් ලබාදී ඇති බව රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්.පි.ජේ. සේනාධීර මහතා පවසයි.
අලුතින් ලියාපදිංචි කරන වාහන සඳහා අංක තහඩු නිකුත් කිරීම සම්පූර්ණයෙන් සිදු නොවන තත්ත්වය හේතුවෙන්, ඇතැම් ජාවාරම්කරුවන් නීතිවිරෝධී ක්‍රියා සඳහා මෙම අවස්ථාව භාවිත කරමින් සිටින බවද ඔහු සඳහන් කළේය.
තවද, නව වාහන හිමියන් විසින් විවිධ වර්ණවල අංක තහඩු සවිකර වාහන ධාවනය කිරීම සම්බන්ධයෙන්ද අවධානය යොමුවී ඇති අතර, එය නියාමනය කිරීම සඳහා පොලිස්පතිවරයා මෝටර් රථ කොමසාරිස් ජනරාල්වරයා දැනුවත් කර
ඇති බවද වැඩිදුරටත් සඳහන් වේ.
