විද්‍යාපීඨ සඳහා සම්මුඛ පරීක්ෂණ කැඳවීම අප්‍රේල් 21 සිට

 

2023/2024 අ.පො.ස (උ/පෙළ) ප්‍රතිඵල මත ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ සඳහා ශික්ෂණලාභීන් බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ, 2026 අප්‍රේල් 21 සිට 2026 මැයි 08 වනදා දක්වා අදාළ විද්‍යාපීඨයන් හී පැවැත්වෙන අතර, සම්මුඛ පරීක්ෂණ සඳහා තේරී පත් වී ඇති අයදුම්කරුවන්ගේ ලේඛන, අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයීය වෙබ් අඩවියේ පළකර ඇත.

Share This