මෑතකදී නවීකරණය කළ පිටකොටුව බස් නැවතුම්පොළේ දේපළවලට හානි කළ සැකකරුවෙකු අත්අඩංගුවට
මෑතකදී නවීකරණය කර ජනතා භාවිතයට විවෘත කළ පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළේ දේපළවලට අලාභහානි සිදුකර සොරකම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකකරුවෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.
අප්‍රේල් 08 වනදා විවෘත කළ මෙම නව බස් නැවතුම්පොළේ දේපළවලට හා

නි සිදුව ඇති බවට ලැබුණු පැමිණිල්ලක් අනුව පිටකොටුව පොලිසිය විමර්ශන ආරම්භ කර තිබුණි.
ඒ අනුව, අප්‍රේල් 11 වනදා කැලණිය ප්‍රදේශයේදී 33 හැවිරිදි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු සන්තකයේ සොරකම් කරන ලද දේපළවලින් කොටසක්ද සොයාගෙන තිබේ.
මෙම සිද්ධියෙන් සිදුව ඇති අලාභය තක්සේරු කිරීම සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාව වෙතින් වාර්තාවක් ලබා ගැනීමට නියමිතය.
අත්අඩංගුවට ගත් සැකකරු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, අප්‍රේල් 17 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර ඇත.
