ප්‍රවීණ ගායන ශිල්පිනී ආශා බෝස්ලේ රෝහල්ගත කෙරේ

ලෝකප්‍රකට ඉන්දීය පසුබිම් ගායිකා Asha Bhosle රෝගී තත්ත්වයක් හේතුවෙන් මුම්බායි නගරයේ පිහිටි Breach Candy Hospital වෙත ඇතුළත් කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

වාර්තා අනුව, ඇයට හෘදයාබාධයක් සහ පෙනහළු ආශ්‍රිත සංකූලතා ඇති වී ඇති බව සඳහන් වෙයි. වයස අවුරුදු 92ක් වන ඇය, දශක හතකට අධික කාලයක් ඉන්දීය සංගීත ක්ෂේත්‍රයේ අතිශය බලවත් ස්ථානයක් හිමි කරගත් ගායිකාවක් ලෙස ප්‍රසිද්ධියට පත්ව ඇත.

තමන්ටම ආවේණික වූ ගායන ශෛලියක් තුළින් ගීත ලොවට අද්විතීය දායකත්වයක් ලබා දුන් ඇය, ඉන්දියාවේ ඉහළම ගෞරව සම්මාන අතර වන Padma Vibhushan සහ Dadasaheb Phalke Award ලබාගත් කලාකාරිනියකි.

Share This