ලක්ෂ්මන් කුරේ නැවත පොලිස් සේවයට!

 

හිටපු ඇමැති ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ ඝාතනයට ආධාර අනුබල දුන් බවට සැක පිට අත්අඩංගුවට ගෙන සිටි, පසුව අධිකරණයෙන් නිදොස් කොට නිදහස් කරන ලද ගම්පහ හිටපු පොලිස් අධිකාරි ලක්ෂ්මන් කුරේ වහාම ක්‍රියාත්මක වන පරිදි නැවත සේවයේ පිහිටුවන ලෙස පරිපාලන අභියාචනා විනිශ්චය අධිකාරිය නියෝග කර ඇත.

එහි සභාපති විනිසුරු කේ.ටී.චිත්‍රසිරි, විශ්‍රාමලත් දිසාපති ජේ.ජේ.රත්නසිරි සහ විනිසුරු එස්. නන්දසේකරන් විසින් මේ තීන්දුව ලබාදී තිබේ.
තීන්දුවට අනුව ජාතික පොලිස් කොමිෂන් සභාව මගින් මාස 06ක් තුළ ලක්ෂ්මන් කුරේ සම්බන්ධයෙන් විනය පරීක්ෂණයක් පවත්වා ඉදිරි කටයුතු සිදු කළ යුතුය. 2009 අගෝස්තු මාසයේදී ඔහු ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයෙන් අත්අඩංගුවට ගන්නා ලදි.

Share This