මේ ජාතික අලුත් සහල් මංගල්‍යය 2026 – ජය ශ්‍රී මහා බෝ සමිඳුන්ට පිදීම ජනපති ප්‍රධානත්වයෙන්

May be an image of one or more people, dais and text

සාම්ප්රදායික ලෙස වාර්ෂිකව මාස් කන්නයේ නෙළා ගත් අස්වැන්නෙහි නොඉඳුල් සහලින් ජය ශ්රී මහා බෝ සමිඳුන් පිදීමේ ජාතික අලුත් සහල් මංගල්යය 2026 සඳහා අද (09) පෙරවරුවේ අනුරාධපුර ඓතිහාසික ජය ශ්රී මහා බෝ සමිඳුන් අභියසදී එක්වීමි.
“අහරින් ස්වයංපෝෂිත දැයක් තනන්නට එක මිටට ගොවි බිමට ” තේමාව යටතේ 59වන වරටත් ජාතික අලුත් සහල් මංගල්යය විචිත්රවත්ව සංවිධානය කර තිබීම පිළිබඳ ඉතා සතුටු වෙමි.
ලෝකයේ කුමන අර්බුද මතු වුවද, ජාතියක් ලෙස අප ආහාර අර්බුදයකට මුහුණ නොදී සිටින්නේ අපේ ගොවි ජනතාව දිවා රෑ, අව්ව, වැස්ස, පින්න නොතකා කෘෂිකර්මාන්තය වෙනුවෙන් ලබා දෙන මහඟු දායකත්වය නිසා බව මෙහිදී පෙන්වා දෙමින් ඒ වෙනුවෙන් ඔවුන් සියලු දෙනා වෙත ගෞරවය පුද කිරීමටද කටයුතු කළෙමි.
ඕනෑම රටකට තමන්ටම අනන්ය වූ ගමන් මාවතක් තිබෙන බවත්, අපට අනන්ය වූ සංස්කෘතියත්, ගමන් මාවතත් කෘෂිකර්මාන්තය මත ගොඩනැගී තිබෙන බවත් පෙන්වා දෙමින් කෘෂිකර්මාන්තය හා බැඳුණු එම මහඟු සංස්කෘතික වටිනාකම මෙම අලුත් සහල් මංගල්යයෙන් පිළිබිඹු වන බවද සඳහන් කළෙමි.
ලේ, කඳුළු දහදිය මතින් ගොඩනැගුණු මෙරට ගොවි ජනතාවගේ ජීවිත මීට වඩා උසස් මට්ටමකට ගෙන ඒම වෙනුවෙන් රජයට විශාල සැලැස්මක් තිබෙන බවත්, ඒ අනුව රටේ සුළු සහ මධ්ය පරිමාණ වැව් පද්ධතිය ප්රතිසංවිධානය කරමින් අවශ්ය ජල සම්පත ලබා දීම, යෙදෙවුම් සාධාරණ මිලට ලබා දීම, කෘෂිකර්මාන්තයට නව තාක්ෂණය කැඳවා ගෙන ඒම, අස්වනු නාස්තිය වළක්වා ගැනීම සඳහා ගබඩාකරණය, ඇසුරුම්කරණය සහ වෙළෙඳපොළ යාන්ත්රණය ශක්තිමත් කිරීම, අස්වැන්නට සාධරණ මිලක් ලබා දීම යන ප්රධාන ක්ෂේත්ර 07ක් පිළිබද අවධානය යොමු කරමින් වත්මන් රජයේ කෘෂි ප්රතිපත්ති සහ සැලසුම් සකස් කර තිබෙන බව පෙන්වා දුන්නෙමි.

 

Share This