අධි ආරක්‍ෂිත කලාප තවදුරටත් පවත්වාගෙන යාමට සීමා යාවත්කාලීන කරන්න – ජනපති

දැනට පවතින අධි ආරක්‍ෂිත කලාප සීමා තවදුරටත් පවත්වාගෙන යාම සම්බන්ධයෙන් නැවත පරීක්ෂා කර බලා අවශ්‍යතාවය පරිදි එම සීමා යාවත්කාලීන කිරීමට පියවර ගන්නා ලෙස ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ආරක්ෂක අංශවලට උපදෙස් ලබාදෙන ලදීග ඒ ආරක්ෂක කටයුතු පිළි බඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව ගරු ජනාධිපතිතුමාගේ සභාපතිත්වයෙන් පසුගිය දා (07) පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.
මෙහිදී කරුණු දක්වමින් ගරු ජනාධිපතිතුමා අධි ආරක්‍ෂිත කලාප යනු ස්වාභාවිකව පවතින සීමා නොවන බවත් ඒ හේතුවෙන් පවතින ආරක්ෂක තත්ත්වයන් සලකාබැලීමෙන් අනතුරුව එම අධි ආරක්‍ෂිත කලාප සීමා වෙනස් කිරීමට අවශ්‍ය පියවර ගැනීමේ වැදගත්කම අවධාරණය කළේය.

උතුරු නැගෙනහිර ප්‍රදේශවල ජනතාවගේ පුද්ගලික ඉඩම් නැවත එම ජනතාවටම ලබාදීම පිළිබඳව ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් යොමු කළ ගැටලු සඳහා පිළිතුරු ලබාදෙමින් ගරු ජනාධිපතිතුමාල ආරක්ෂක කඳවුරු හා විවිධ කටයුතු සඳහා පවරාගෙන ඇති ජනතාවගේ පෞද්ගලික ඉඩම් නැවත ඔවුන්ටම ලබාදීම රජයේ ප්‍රතිපත්තිය බව අවධාරණය කළේය.
එමෙන්ම නැවත ලබාදිය හැකි පෞද්ගලික ඉඩම් ලබාදීමටත්ල එලෙස ලබාදීමට අපහසුතා පවතින ඉඩම් සඳහා සාධාරණ වන්දි මුදල් ලබාදී එම ක්‍රියාවලිය කඩිනම් කිරීමේ වැදගත්කමද ගරු ජනාධිපතිතුමාල විසින් මෙහිදී අවධාරණය කළේය.
තවද රජයේ ආර්ථික කටයුතු සඳහා ආ

රක්ෂක කඳවුරු පවතින ප්‍රදේශවල ඉඩම් කොපමණ ප්‍රමාණයක් යොදාගත හැකිද යන්න සොයා බලා වාර්තා කිරීමටද ගරු ජනාධිපතිවරයා විසින් නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.
තවද මෙම කාරක සභා රැස්වීමේදී 2026ග04ග09 දින පාර්ලිමේන්තු අනුමතියට ඉදිරිපත් කිරීමට නියමිත :357 අධිකාරය වූ* යුද්ධ හමුදා පනතේ 29 සහ 155 වගන්ති යටතේ නියෝගල :358 අධිකාරය වූ* නාවික හමුදා පනතේ 161 වගන්තිය යටතේ නියෝග සහ :359 අධිකාරය වූ* ගුවන් හමුදා පනතේ 29 සහ 155 වගන්ති යටතේ ඉදිරිපත් කළ නියෝග සලකා බැලීමෙන් අනතුරුව අනුමත කිරීමද සිදු කෙරිණි.

මෙම රැස්වීම සඳහා ගරු අමාත්‍යවරුන්ල ගරු නියෝජ්‍ය අමාත්‍යවරුන්ල ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ල ආරක්ෂක අමාත්‍යාංශයේ නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.

Share This