වෑල් ටිකත් fix කරගෙන රනිල් යළිත් ලංකාවට
හදිසි හෘද සැත්කමක් සඳහා මාර්තු මස 15 දා සිංගප්පුරුව ගිය හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (09) පෙරවරුව යළි දිවයිනට පැමිණ ඇති බව වාර්තා වේ. සැත්කමින් පසුව වෛද්‍ය අධීක්ෂණය යටතේ විවේකයෙන් ගතකරමින් සිටී රනිල් වික්‍රමසිංහට අලුත් අවුරුද්දෙන් පසුව ලංකාවට පැමිණෙන ලෙසට ඔහුගේ හිතවතුන් යෝජනාකර තිබේ. එහෙත් හැකි ඉක්මනින් ශ්‍රී ලංකාවට ගොස් නිවසේ සිට හෝ දේශපාලන වැඩ මෙහෙයවීම රනිල්ගේ අදහස වූ බව එජාප සභාපති වජිර අබේවර්ධන පවසයි.
ජනතාවට අසීරු කාලයකදී ශ්‍රී ලංකාවේ සිටිය යුතු බව රනිල්ගේ ස්ථාවරය වූ බවද වජිර අබේවර්ධන වැඩිදුරටත් කියාසිටියි.
