අයිස් සහ හෙරොයින් කිලෝ ගණනක් සමඟ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු මාට්ටු
ගණේමුල්ල, බොල්ලන උතුර ප්‍රදේශයේ දී සංවිධානාත්මක මහ පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුට අයත් අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාශයට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්ය.
ඔහු සතුව තිබී අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 12යි ග්‍රෑම් 300ක්, හෙරොයින් කිලෝග්‍රෑම් 9යි ග්‍රෑම් 946ක්, යතුරුපැදියක්, කිරුම් උපකරණ සහ මුදල් ගණනය කිරීමේ යන්ත්‍රයක් ද පොලිස් භාරයට ගෙන තිබේ.

