GMOA වැඩවර්ජනය අද උදෑසන සිට
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද (09) පෙ.ව. 8 සිට පැය 48ක කාලයක් දීප ව්‍යාප්ත වැඩවර්ජනයක ක්‍රියාත්මක කිරීමට නියමිත බව සදහන් වෙනවා.
සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් එකඟ වූ කොන්දේසී උල්ලංඝණය කරමින් පශ්චාත් සීමාවාසික වෛද්‍ය පත්වීම් ලබාදීමට විරෝධය පළ කරමින් මෙම වර්ජනය ක්‍රියාත්මක කරන බව එම සංගමය සඳහන් කරනවා.
සෞඛ්‍ය අමාත්‍යාංශය මඟින් පශ්චාත් සීමාවාසික වෛද්‍ය පත්වීම් සඳහා අයදුම්කළ නවක වෛද්‍ය නිලධාරීන් 436 දෙනෙකුට ඔවුන්ගේ නව පත්වීම් සේවා ස්ථාන ඊයේ (08) ප්‍රකාශයට පත් කරනු ලැබුවා.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ මෙම ක්‍රියාකලාපයත් සමඟ තම සංගමය සමග එකඟ වු කොන්දේසී කඩ කර ඇති බවයි.
ඒ අනුව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය ප්‍රභාත් සුගතදාස මහතා වැඩි දුරටත් පවසා සිටින්නේ අද උදෑසන 8 සිට සිට පැය 48ක කාලයක දීපව්‍යාප්ත රජයේ රෝහල් වල වර්ජනයක නිරත වන බවයි ![]()
