“ඉනි අවන්” චිත්රපටයෙන් ලංකාවම අදුරගත් සුභාෂිනී බාලසුබ්‍රමනියම් සියදිවි නසාගෙන

හඳගමගේගේ ඉනි අවන් චිත්රපටයෙන් ලංකාවම හඳුනාගත් දමිළ නිළි සුභාෂිනී සමුගනී
දමිළ චිත්රපට හා ටෙලි නාට්ය ක්ෂේත්රයේ ජනප්රිය නිළියක් වන සුභාෂිනී බාලසුබ්රනියම් අද (2026.04.06) චෙන්නායි හි පිහිටි ඇගේ නිවසේදී ජීවිතක්ෂයට පත්ව ඇතැයි වාර්තා වෙනවා.
ඇගේ උපන්දිනයට දින කිහිපයක් (අප්රේල් 12) ඉතිරිව තිබියදී ගත් ක්ෂණික තීරණයකින් අනතුරුව මෙම අවසානාවන්ත මරණය සිදුව ඇති බවයි ආරංචි මාර්ග සඳහන් කර තිබෙන්නේ.
ඇය ජනප්රිය දෙමළ කතා මාලාවක් වන කායල් හි ප්රධාන චරිතයක් නිරූපනය කරමින් ලාංකික රසිකයින්ගේ ආදරය දිනාගත් නිළියකි.
2012 දී අශෝක හඳගමගේ “ඉනි අවන්” චිත්රපටය සමඟින් චිත්රපට කර්මාන්තයට පිවිසි සුභාෂිනි කෙටි චිත්රපට සහ සමාජ දැනුවත් කිරීමේ වීඩියෝ ගණනාවකම සිය රංගන කුසලතාවන් ප්රකට කළා.
ශ්රී ලාංකික සම්භවයක් ඇය චෙන්නායි හි අයියප්පන්තංගල් හි මහල් නිවාසයක පදිංචිව සිට තිබෙනවා.
මෙම ඛේදජනක සිදුවීම සම්බන්ධයෙන් ඇගේ රසිකයන් කම්පනයට පත්ව සිටින අතර, ඇගේ සම නළු නිළියන් බොහෝ දෙනෙක් සමාජ මාධ්ය ඔස්සේ සිය ශෝකය පළ කර ඇති අයුරු දැකගත හැකියි.
සිද්ධිය පිළිබඳ තොරතුරු ලැබීමෙන් පසු, පොලිස් නිලධාරීන් ඇගේ මෘත දේහය වෛද්ය පරීක්ෂණයක් සඳහා යවා ඇති බවයි වාර්තා වන්නේ.
වාර්තාවලට අනුව, නිළිය ඇගේ සැමියා සමඟ වීඩියෝ ඇමතුමක් සම්බන්ධයෙන් ආරවුලක් ඇති කර ගෙන ඇති අතර ඇගේ නිවස තුළඳීම ගෙල වැළලාගෙන ඇති බව ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.
