ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍යාංශයට නව ලේකම්වරයෙක්

ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍යාංශයට නව ලේකම්වරයෙක්

ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍යාංශයට නව ලේකම්වරයෙකු පත්කර තිබෙනවා.

ඒ, නීතිඥ එම්. ඒ. එල්. එස් මන්ත්‍රීනායක මහතාව යි.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් මෙම පත්කිරීම සිදුකර තිබෙනවා.

ඊට අදාළ පත්වීම් ලිපිය ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා විසින් නීතිඥ එම්. ඒ. එල්. එස් මන්ත්‍රීනායක මහතා වෙත අද (09) පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පිරිනමනු ලැබුවා.

Share This