බිත්තර තොග මිල වෙනස් වෙයි
සමස්ත ලංකා බිත්තර වෙළඳ සංගමය විසින් අද (09) දිනට අදාළ තොග මිල ප්‍රකාශයට පත් කර තිබෙනවා.
ඒ අනුව රතු බිත්තරයක තොග මිල වන්නේ රුපියල් 42.00ක්. සුදු බිත්තරයක තොග මිල රුපියල් 41ක් බවයි එම සංගමය සඳහන් කළේ.
මෙම මිල සඳහා තම සංගමයේ පූර්ණ නෛතික වගකීමක් ඇති බවට ද ඔවුන් අවධාරණය කරනවා.
මේ අතර හිඟයකින් තොරව වෙළෙඳපොළට, බිත්තර නිකුත් කිරීමට බිත්තර නිෂ්පාදකයින් කටයුතු කරන බව ශ්‍රී ලංකා සත්ත්ව නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති අජිත් ගුණසේකර මහතා කියා සිටියා.
මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු අනාවරණ කළේ, මේ වන විට බිත්තරයක සිල්ලර මිල රුපියල් 35 -36ත් අතර පවතින බවයි.
කෙසේ වෙතත් රටේ ඉල්ලුම හා සැපයුම අනුව බිත්තරක මිල තීරණය වනවා.
ඒ අනුව ඉදිරි උත්සව සමයේදී බිත්තර ඉල්ලුම වැඩි විය හැකි බවයි, අජිත් ගුණසේකර මහතා පෙන්වා දෙන්නේ. එම කාලයේදී බිත්තරයක මිල රුපියල් 45කට අඩුවෙන් පවත්වාගෙන යාමට අපේක්ෂා කරන බව ද, ඔහු කියා සිටියා.
වර්තමානය වනවිට සහල් නිවුඩු සහ බඩ ඉරිඟු මිල ඉහළ යාම හේතුවෙන් ද බිත්තරයක නිෂ්පාදන මිල ඉහළ ගොස් ඇති බවයි සභාපතිවරයා අවධාරණය කළේ.