බූස්ස අධිආරක්ෂිත බන්ධනාගාරයේ නාන ස්ථානයෙන් මතු වූ දේ

බූස්ස අධිආරක්ෂිත බන්ධනාගාරයේ නාන ස්ථානයෙන් මතු වූ දේ

බූස්ස අධිආරක්ෂිත බන්ධනාගාරයේ නාන ස්ථානයේ හා සිර මැදිරිය පිටුපස තිබී ජංගම දුරකථනයක් සහ ජංගම දුරකථන උපාංග කිහිපයක් පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් භාරයට ගෙන තිබෙනවා.

ඒ, විශේෂ කාර්ය බලකාය බූස්ස අධිආරක්ෂිත බන්ධනාගාර කඳවුරේ නිලධාරීන්ට පොලිස් විශේෂ කාර්යංශයෙන්, ලද තොරතුරකට අනුව, එම බන්ධනාගාරයේ විශේෂ අංශයේ සිදුකළ සෝදිසි කිරීමක් අතරතුරදීයි.

එහි දී ‘පොඩි ලැසි’ යන රැඳවියා රඳවා සිටි සිර මැදිරිය පිටුපස  නාන ස්ථානයේ කොන්ක්‍රීට්  කොටස යට තිබී ස්මාර්ට් ජංගම දුරකථනයක්, හැන්ඩ් ප්‍රී එකක් සමග ජංගම දුරකථන උපාංග කිහිපයක් සොයාගැනීමට විශේෂ කාර්ය බලකා නිළධාරීන් සමත්ව තිබෙනවා.

‘පොඩි ලැසි’ යන රැඳවියා විසින් නාන ස්ථානයේ කොන්ක්‍රිට් කොටස යට අදාළ භාණ්ඩ සුක්ෂම ලෙස සඟවා තිබියදී, නිළධාරීන් විසින් ඒවා මෙලෙස සොයාගෙන ඇති බව සඳහන්.

එම භාණ්ඩ වැඩිදුර විමර්ශන කටයුතු සඳහා බන්ධනාගාර පාලනාධිකාරිය වෙත භාර දී තිබෙනවා.

 

Share This