ඉරාන‍යේ මිසයිල ස්ථානගත කර තිබෙන ඉලක්කවලට ආරක්ෂක ප්‍රහාර එල්ල කිරීම සඳහා බ්‍රිතාන්‍ය හමුදා කඳවුරු භාවිත කිරීමට එක්සත් ජනපදය කළ ඉල්ලීමට එක්සත් රාජධානිය එකඟ වී ඇති බව එරට අග්‍රාමාත්‍ය කියර් ස්ටාර්මර් පවසා තිබේ. එහෙත් ඔහු පවසා ඇත්තේ, එක්සත් රාජධානිය ඉරාකයේවැරදි වලින් පාඩම් ඉගෙනගෙන ඇති බවයි.

ඉරානයට එල්ල කළ මුල් ප්‍රහාරවලට සම්බන්ධ නොවූ බවත්, දැන්වුව ද ප්‍රහාරාත්මක ක්‍රියාමාර්ගවලට සෘජුව සම්බන්ධ නොවන බවත් අග්‍රාමාත්‍යවරයා පවසා ඇත. එක්සත් ජනපද ඉල්ලීම පිළිගැනීමට ගත් තීරණයේ පදනම මිත්‍ර පාක්ෂිකයන්ගේ සාමූහික ආත්මාරක්ෂාව සහ බ්‍රිතාන්‍ය ජීවිත ආරක්ෂා කිරීම බවත්, ඔහු පැවසීය. ඉරානයේ මිසයිල ස්ථානගත කර ඇති ස්ථානවලට පහරදීම සඳහා එක්සත් ජනපදය ඉන්දියානු සාගරයේ ඩියාගෝ ගාර්ෂියා භාවිත කිරීමට ඉඩ ඇති බව වාර්තා වේ.

කෙසේවෙතත් අග්‍රාමාත්‍ය ස්ටාමර් පවසන්නේ, එක්සත් ජනපදය ඉරානයේ මිසයිල මූලාශ්‍රයේදී විනාශ කිරීමේ නිශ්චිත සහ සීමිත ආරක්ෂක අරමුණක් සඳහා පමණක් එක්සත් රාජධානියේ කඳවුරු භාවිත කළයුතු බවයි. මෙම පියවර අන්තර්ජාතික නීතියට අනුකූල බවත්, එක්සත් රාජධානියේ රජය එහි නීති උපදෙස්වල සාරාංශයක් ලෙස ප්‍රකාශයට පත්කර ඇති බවත් අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරයි. දැන් එක්සත් ජනපදයට අනෙකුත් ගල්ෆ් රාජ්‍යයන්ට එල්ල කරන ඉරාන මිසයිල විනාශ කරන ප්‍රහාර දියත් කිරීමට තම හමුදා කඳවුරු භාවිතා කිරීමට ඉඩ සලසන බවයි.

Share This