පාකිස්තානය එල්ල කළ ප්‍රහාරයෙන් තලේබාන් සටන්කරුවන් 130කට දිවි අහිමි වෙයි
තලේබාන් සටන්කරුවන් 130කට වැඩි පිරිසකට මරණය ලංකරමිින් පාකිස්ථානය විසින් තලේබාන් සටන්කරුවන් ඉලක්කකර ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල කල බව පකිස්තානය තහවුරු කරයි.
දේශසීමා ප්‍රශ්නයක් මුල්කර ගනිමින් ඇෆ්ගනිස්තානය විසින් පාකිස්තානයට එල්ලකළ ප්‍රහාරවලට ප්‍රතිප්‍රහාරයක් ලෙස පාකිස්තානය ඊයේ (26) රාත්‍රියේ මෙම ප්‍රහාර මාලාව එල්ල කර ඇත.
පාකිස්තාන ආරක්ෂක අමාත්‍ය කවාජා අසිෆ් පවසා සිටියේ, ඇෆ්ගන් තලේබාන් සංවිධානයේ ආක්‍රමණයට සිය සන්නද්ධ හමුදා දැඩි ප්‍රතිචාරයක් දක්වන බවය.
ඒ අනුව අවම වශයෙන් ඇෆ්ගන් තලේබාන් ක්‍රියාකාරීන් 133 දෙනෙකු මියගොස් 200කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බව පකිස්ථානය කියා සිටී.
