GMOA තීරණය දැඩි වෙයි
සෞඛ්‍ය අමාත්‍යංශයෙන් දියත් කළ ව්‍යාතියක් වන, ආරෝග්‍යා ව්‍යාපෘතියෙන් මාර්තු 2වෙනිදා සිට ඉවත්වීමට මධ්‍යම කාරක සභාව ඒකමතික තීරණයක් ගෙන ඇති ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය හංසමාල් වීරසූරිය මහතා පවසයි.
වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අඛණ්ඩව සිදු කරන බවත් සිය ඉල්ලීම්වලට රජයෙන් මේ වන තෙක් කිසිදු යහපත් ප්‍රතිචාර නොලැබීම එයට හේතුව බවද වෛද්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
රෝගී ජනතාව අවම හිරිහැරයක් වන අයුරින් මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ග සිදු කරන බවත් ඔවුන් සමග මෙම ප්‍රශ්න විසදා ගැනීමට කිසිම අවශ්‍යතාවයක් නොමැති බවත් ඒ් මහතා වැඩිදුරටත් කියා
සිටියේය.
