2025 උසස් පෙළ ප්‍රායෝගික පරීක්ෂණ දින ප්‍රකාශයට පත් කෙරේ

2025 වර්ෂයේ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට අදාළ ප්‍රායෝගික පරීක්ෂණ පැවැත්වෙන දින ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත් කර ඇත.
ඉංජිනේරු තාක්ෂණවේදය විෂයේ ප්‍රායෝගික පරීක්ෂණ  මාර්තු 06 සිට මාර්තු 15 දින දක්වා පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

එමෙන්ම සෞන්දර්යය විෂයන්වලට අදාල ප්‍රායෝගික පරික්ෂණ මාර්තු 09 දින සිට මාර්තු 16 දක්වා පැවැත්වෙනු ලැබේ. ඒ අනුව පාසල් අයදුම්කරුවන්ගේ ප්‍රවේශපත්‍ර අදාළ පාසල්වල විදුහල්පතිවරුන් වෙත යොමු කර ඇති අතර, පෞද්ගලික අයදුම්කරුවන්ගේ ප්‍රවේශපත්‍ර අයදුම්පතෙහි සඳහන් ලිපිනයට තැපැල් මඟින් යැවීමට කටයුතු කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.එමෙන්ම ප්‍රායෝගික පරීක්ෂණ ආරම්භ වීමට දින 07කට පෙර සිට දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන online exams.gov.lk ඔස්සේ  ප්‍රවේශ පත්‍ර භාගත කර ගත හැක.

Share This