2028 විදේශ ණය පහසුවෙන් ගෙවත හැකියි – මහ බැංකුවේ අධිපති ආචාර්ය පී. නන්දලාල් වීරසිංහ

Dr. P. Nandalal Weerasinghe takes office as the Governor of the Central  Bank of Sri Lanka | Central Bank of Sri Lanka

ශ්‍රී ලංකාව විසින් වසර 2022 සිට ගෙවීම අත්හිටුවා ඇති දෙස් විදෙස් ණය වාරික හා පොලී මුදල් 2028 සිට ගෙවීම ආරම්භ කළ යුතු වුවත්, ඒවා කිසිදු බාධාවකින් තොරව ආපසු ගෙවීමට ශක්තිමත් අඩිතාලමක් දමා ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය පී. නන්දලාල් වීරසිංහ මහතා ප්‍රකාශ කළේය.

වසර 2028 සිට වාර්ෂිකව එක්සත් ජනපද ඩොලර් බිලියන තුනයි දශම පහත් (3.5) හතරත් (4.0) අතර මුදලක් ණය හා වාරික ලෙස ගෙවීමට ශ්‍රී ලංකාවට සිදුවී තිබේ. එලෙස වසර 2028 සිට වසර 2031 දක්වා සහ ඉන් ඉදිරියටත් කිසිදු බාධාවකින් හා පැකිළීමකින් තොරව ශ්‍රී ලංකාවට ණය ආපසු ගෙවීමට හැකි අඩිතාලම දැනටමත් දමා තිබෙන බව අධිපතිවරයා පැවැසීය.

ශ්‍රී ලංකාව දැනට වුවද අනිවාර්යයෙන්ම වාර්ෂිකව ගෙවිය යුතු ණය වාරික හා පොලිය සඳහා වසර 2025දී ඩොලර් බිලියන හතරක් (4.0) ගෙවා තිබෙන බව ද ඔහු කීය.

ඉදිරියේදී ශ්‍රී ලංකාව සියයට පහකට (5.0%) අධික ආර්ථික වර්ධනයක් අත්කර ගන්නා අතර රටේ සමස්ත ආර්ථික ක්‍රියාවලිය යහපත් වීම තුළ කිසිදු බාධාවකින් තොරව ණය ගෙවීමට හැකියාව තිබෙන බව අධිපතිවරයා කීය.

දැනට ශ්‍රී ලංකාව ගොඩනඟා ගෙන ඇති ආර්ථික දියුණුව ඒ ආකාරයෙන්ම ඉදිරියට ගෙනයාමට සහාය වීම සැමගේ වගකීම බව ද ඔහු පැහැදිලි කළේය.

Share This