BIMSTEC විද්වත් කමිටුවේ මූලික වටයේ රැස්වීම ශ්‍රී ලංකාවේදී

බෙංගාල බොක්ක ආශ්‍රිත කලාපීය සහයෝගිතාව සහ ආර්ථික ඒකාබද්ධතාව ප්‍රවර්ධනය කිරීම සඳහා බෙංගාල බොක්ක ආශ්‍රිත රටවල බහු ආංශික තාක්ෂණික ආර්ථික සහයෝගිතාව සඳහා වන එකමුතුව (BIMSTEC) විද්වත් කමිටුවේ සමාරම්භක රැස්වීම ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
7 වන ඉන්දියානු සාගර සමුළුවට සමගාමීව 2024 පෙබරවාරි මස පවත්වන ලද සාකච්ඡාවකදී රාජ්‍ය මුල්‍ය හා මුදල් ප්‍රතිපත්ති සම්පාදනය හා ක්‍රියාත්මක කිරීම පිළිබඳ විශේෂඥ දැනුම හා අත් දැකීම් සාමාජික රටවල් අතර හුවමාරු කර ගැනීමට පහසුකම් සැලසීම පිණිස ‘රාජ්‍ය මූල්‍ය හා මුදල් ප්‍රතිපත්තිය පිළිබඳ විද්වත් කමිටුවක්‘ පිහිටුවීමට ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යවරයා විසින් යෝජනා කර තිබේ.
ඒ අනුව එකී විද්වත් කමිටුවේ සමාරම්භක රැස්වීම 2026 වසරේදී ශ්‍රී ලංකාවේ පැවැත්වීම පිණිස මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

Share This