දෙනියාය මූලික රෝහල අලුත් කරනවා
2023 සහ 2024 වසර වලදී නාය යාම් වලට ලක් වුණු ඇඳන් ධාරිතාව 137කින් සමන්විත දෙනියාය මූලික රෝහල අලුතින් හඳුනාගත් ස්ථානයක ඇඳන් 300 කින් සමන්විත නව රෝහලක් ඉදිකිරීමෙන් සම්පූර්ණ රෝහලම සුදුසු සහ ආරක්ෂිත ස්ථානයක ප්‍රතිස්ථාපනය කිරීමට යෝජනා කර තිබේ.
ඒ සඳහා නගරයේ සිට කිලෝමීටර 3 ක් පමණ දුරින් පිහිටි හැන්ඩ්ලර්ඩ් වතුයායෙන් ඉඩම් කොටසක් දකුණු පළාත් සෞඛ්‍ය දෙපාර්තමේන්තුව විසින් අත් කර ගෙන ඇත.
රුපියල් මිලියන 6,000ක ඇස්තමේන්තුගත වියදමකින් අදියර 2ක් යටතේ ඉදිකෙරේ. මේ සඳහා සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යවරයා ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත
කරන ලදී.
