කැන්ගරුවන්ෙග් ලෝක කුසලාන සිහිනය වැස්සේ දියවී යයි
ඊයේ දවස පුරා පල්ලෙකැලේ ක්රීඩාංගණයට ඇද හැලුණු වර්ෂාව හේතුවෙන් ඕස්ටේ්රලියාවට T20 ලෝක කුසලාන තරගාවලියෙන් ඉවත් වීමට සිදුවූ අතර, සුපිරි අට වටයට ඇතුළත් වීමට සිම්බාබ්වේ කන්ඩායමට හැකි විය. අත්හැර දෑමූ අයර්ලන්ත සිම්බාබ්වේ තරගය නිසා ලකුණු 5ක් ලැබීම හේතුවෙන් ඕස්ටේ්රලියටව මේ තත්ත්වය උදා විය.
ශ්රී ලංකාව ඕස්ටේ්රලියාවට එරෙහිව ලැබූ ජයග්රහණය නිසා සුපිරි අටට සුදුසුකම් ලබා ඇති බැවින්, ඊ කාණ්ඩයේ සුදුසුකම් ලබන කණ්ඩායම් තීරණයවී ඇත. සිම්බාබ්වේ කණ්ඩායම සුපිරි අටේ ඕවටයේදී පෙබරවාරි 23 වන දින මුම්බායිහිදී බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමඟත්, පෙබරවාරි 26 වන දින චෙන්නායිහිදී ඉන්දියාව සමඟත්, මාර්තු 01 වන දින දිල්ලියේදී දකුණු අප්රිකාව සමඟත් තරඟ වදිනු ඇත.
ශ්රී ලංකාව, එංගලන්තය සහ නවසීලන්තය සමඟ ශ්රී ලංකාවේදී තරඟ වදිනු ඇත. ඔවුන්ගේ තුන්වන ප්රතිවාදී කණ්ඩායම තවමත් තීරණයවී නැත.
පල්ලෙකැලේ ක්රීඩාංගණයේදී තවත් තරඟ හතරක් පැවැත්වීමට නියමත අතර, කාලගුණ අනාවැකිවලට අනුව ඉදිරි දින 10 දී අවට ප්රදේශයට තවදුරටත් වැසි ඇද හැලෙනු ඇති බවට සඳහන්ව ඇත.
