පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ගේ විශ්‍රාම වැටුප් අහෝසියත් කඩිනම් කෙරේ

(ප්‍රේමකුමාර සිංහආරච්චි)
හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද ඉවත් කළා සේම පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ගේ විශ්‍රාම වැටුප් අහෝසි කිරීමත් කඩිනමින් සිදුකරන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමැති වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවැසීය.
බළපිටිය තැපැල් කාර්යාලය ස්ථාවර තැනක ස්ථාපිත කිරීම සඳහා මුල්ගල තබන අවස්ථාවට එක්වෙමින් ඇමැතිවරයා මේ බව සඳහන් කළේය.
දේශපාලකයන් ජීවත් කරවීම ජනතාවගේ වගකීමක් නොවන බවත් ඒ අනුව අතීතයට බලපාන පරිදි සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ට ලබා දී තිබෙන විශ්‍රාම වැටුප අහෝසි කිරීමට අදාළ නීති සම්පාදනය කඩිනම් කර ඇතැයි ද ඇමැතිවරයා එහිදී පැවැසීය.